දැනට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලදෙන පිළකා අතරින් දෙවන තැන ගන්නේ ගැබ් ගෙල පිළිකාවයි. මෙය හැදෙන්නේ ගර්භාෂයේ ගෙල කොටස හෙවත් යෝනි මාර්ගයට විවෘතව පවතින කොටසේ. ගැබ් ගෙල පිළිකාව හැදෙන ස්ථානය යෝනි මාර්ගයට විවෘතව පවතින නිසා මෙම පිළිකාව මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමේ හැකියාව තිබෙනව.
අසාමාන්‍ය රුධිර වහනය මෙම පිළිකාවේ රෝග ලක්ෂණයක්. මාස් ශුද්ධියට අමතරව අක්‍රමවත් රුධිර වහනය, ලිංගික සංසර්ගයෙන් පසු රුධිර වහනය වැනි රෝග ලක්ෂණ තිබේනම් වෛද්‍ය පරීක්ෂණයකට වහා ලක් විය යුතුයි.
මෙම පිළිකාවට ප්‍රධාන රෝග කාරකය වන්නේ ඉතාමත් සුලභ වෛරසයක් වන HPV වෛරසයයි. ගැබ්ගෙල HPV වෛරස ආසාදනයට ලක්වුව හොත් එහි සෛල වල වෙනස් කම් ඇති වෙනවා. බොහෝ දුරට මෙය සම්පූර්ණයෙන් ම සුව වනව. නමුත් සුළු පිරිසකට වෛරසය ඉවත් නොවී ගැබ් ගෙලෙහි පවතිනව.
මෙසේ කාලයක් පවතින වෛරසය ගැබ්ගෙල සෛල වල ඇති කරන වෙනස් කම් පිළිකාවකට හැරන්න අවුරුදු 15ක් පමන ගත වෙනව. මෙම කාලය ඇතුලත පරීක්ෂාවකට ලක් වීමෙන් ඔබටත් ගැබ්ගෙල පිළිකාවක් සෑදීමට අවදානමක් ඇත් දැයි දැන ගන්න පුළුවන්. ගැබ් ගෙල ස්‍රාව පටල පරීක්ෂාව කර ගැනීමෙන් මෙය දැන ගන්න පුළුවන්. HPV වෛරසය ආසාදනය වැළැක්වීම සඳහා එන්නතක් දැන් සොයාගෙන තිබෙනව. පාසැල් දැරියන්ට මෙම එන්නත දීමෙන් ගැබ් ගෙල පිළිකා අවදානම 98% කින් පමන අඩුකරන්න පුළුවන්. මෙය දැන් ලංකාවේ ලබා ගත හැකියි. වැඩි විස්තර සඳහා ඔබේ වෛද්‍ය වරයා හමු වන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට
SHARE THIS WITH FRIENDS ON