ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

උධික උදර වේදනාව, දිගින් දිගටම සිදුවෙන අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනව. මෙවැනි රෝග ලක්ෂණ වලට හේතු වෙන ගර්භාෂයේ රෝග තත්වයන්ට ඉක්මණින් සහනය දීමට හැකි ලැපරොස්කොපි සැත්කමක් ගැනයි මේ ලිපියනේ කරුණු ගෙන එන්නේ.

දරුවෙකු මවුකුස තුල වැඩෙන්නේ ගර්භාෂය ඇතුලෙ. එම නිසා මෙම අවයවය හැඩ ගැසී තිබෙන්නේ මවු කුස තුල දරුවෙකු පිළිසිඳ ගැනීමේ සහ වර්ධනය වීමේ ක්‍රියාවලියට සුදුසු වෙන විදියට. නමුත් දරුවන් ලැබුනට පස්සේ නැවත දරු සම්පත් බලා පොරොත්තු වෙන්නෙ නැතිනම් ගර්භාෂයෙන් සිදු කරන විශේෂිත කාර්යයක් ඇත්තෙම නැහැ. සමහර විට මෙම අවයවය කරදරකාරී රෝග තත්වයන් රැසකට මුල් වෙන්නත් පුළුවන්. ඔසප්වීම සමග ඇතිවෙන අධික රුධිර වහනය, වේදනාව, ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ඇඩිනොමයෝසිස් (adenomyosis) තත්වය වගේම ගර්භාෂයේ පිළිකාත් මේ අතර වෙනව. මෙවැනි සමහර තත්වයන් ඖෂධ මගින් පාලනය කල හැකි වුවත් සම්පූර්ණයෙන් සුව කිරීමට ඇති ක්‍රමය තමයි ගර්භාෂය ඉවත් කිරීම.

නමුත් මේ රෝග තත්ව නිසා ඇතිවෙන පීඩාවට වඩා ශල්‍ය කර්මය අනතුරු දායක දැයි ඔබට සැකයක් ඇති. මෙම ලිපියෙන් පැහැදිලි කරන්නේ ගර්භාෂය ඉවත් කරන සැත්කම සිදු කරන නවීන අතුරු ආබාධ අඩු ක්‍රමයක් ගැන. බොහෝ විට ගර්භාෂය ඉවත් කරන සැත්කම සිදු කලේ උදරයේ පහල සෙන්ටිමීටර 12-15ක පමණ දිග කැපුමක් යොදා විවෘත ශල්‍යකර්මයක් ලෙස. නමුත් දැන් ලැපරොස්කොපි තාක්ෂණය භාවිතා කර මෙම ශල්‍යකර්මය ශරීරයට ඉතා අඩු හානියක් වල ලෙස සිදු කිරීමට හැකියාව තිබෙනව.

laparoscopic hysterectomy

ලැපරොස්කොපි ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම Total Laparoscopic Hysterectomy (TLH) ලෙස හැඳින්වෙනව. එහිදි උදරයේ ඉතා කුඩා (සෙන්ටීමීටරයකට වඩා කුඩා) කැපුම් 4ක් පමණක් යොදන අතර ඒ තුලින් සිහින් කැමරාවක් සහ ශල්‍ය උපකරණ උදර කුහරයට ඇතුළු කල හැකියි. ඉන් පසු ලැපරොස්කොපි උපකරණයට සම්බන්ධ තිරයේ පෙනෙන සජීවී රූප රාමු යොදා ගෙන වෛද්‍ය වරයාට උදර කුහරය ඇතුළත විශාල කර බැලිය හැකියි. ඉතා සියුම් ශල්‍ය උපකරණ භාවිතා කර සියුම් ලෙස මෙම ශල්‍යකර්මය සිදු කරන අතර එහි දී අභ්‍යන්තර පටක වලට වෙන හානිය සහ රුධිර වහනය ඉතාමත් අඩුයි. මේ නිසා සැත්කමෙන් පසු ඇතිවෙන වේදනාවත් අඩුයි. විශාල කැපුම් නැති නිසා තුවාල සුව වීමත් ඉක්මන්.

laparoscopic hysterectomy

මෙලෙස ගර්භාෂය ඉවත් කල පසු එදිනම ඔබට ඇඳෙන් නැගිට ඇවිදීමට ආහාර ගැනීමට වැනි එදිනෙදා කටයුතු කිරීමට හැකියාව ලැබෙනව. ශල්‍යකර්මයෙන් පසු දින කිහිපයක් පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖෂධයක් ගැනීම ප්‍රමාණවත් වෙනව. විවෘත ශල්‍යකර්මයකදී මෙන් මුත්‍රා බට දැමීමක් හෝ සේලයන් වැනි ඖෂධ දිගින් දිගටම දීම මෙහිදී අවශ්‍ය වෙන්නේ නැහැ. එදිනම හෝ පසුදින රෝහලෙන් බැහැර යාමේ හැකියාව ලැබෙන නිසා මේ ශල්‍යකර්මය දියුණු රටවල ජනප්‍රිය ශල්‍යකර්මයක්. ශල්‍යකර්මයෙන් සති කිහිපයකට පසුව සම්පූර්ණයෙන්ම සුවය ලැබෙන අතර එවිට එදිනෙදා වැඩ කටයුතු, ව්‍යායාම, ලිංගික එක්වීම වැනි දේ නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනව.

ඔබට ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් අවශ්‍යයැයි තීරණය කලහොත් එය සිදු කල හැකි ආකාර කිහිපයක් තිබෙනව. විවෘත ශල්‍යකර්මයක් ලෙස (TAH), ලැපරොස්කොපි ශල්‍යකර්මයක් ලෙස (TLH), යෝනි මාර්ගයෙන් සිදු කරන ශල්‍යකර්මයක් ලෙස (VH) හෝ කොටසක් පමණක් ලැපරොස්කොපි ආධාරයෙන් සිදුකර යෝනි මාර්ගයෙන් සම්පූර්ණ කරන ශල්‍යකර්මයක් ලෙස (LAVH) මෙය සිදු කල හැකියි. මේ අතරින් වේදනාව සහ නැවත සුව වීමට ගතවන කාලය ඉතා අඩු ක්‍රමය වෙන්නේ සම්පූර්ණයෙන් ලැපරොස්කොපි ක්‍රමයට මෙය සැත්කම සිදු කිරීමයි. නමුත් ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ වෛද්‍ය කණ්ඩායමක් සහ නවීන ලැපරොස්කොපි උපකරණ අවශ්‍යයි.

මේ සැත්කම සඳහා පහසුකම් කොළඹ බොහෝ පුද්ගලික රෝහල් වල සහ සමහර රජයේ රෝහල් වල තිබෙනව. නමුත් බොහෝ වෛද්‍යවරු තවමත් මෙම සැත්කම සිදු කරන්නේ නැහැ. ඔබටත් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමක් අවශ්‍යයැයි නිර්දේශ කල හොත් ලැපරොස්කොපි සැත්කම් පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද වෛද්‍ය වරයෙකු හමු වෙන්න.

Save Save

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Joseph Frazer Hospital Colombo, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

causes-abortion
ගබ්සාවීමට හේතු (Causes for abortion)

POPULAR POSTS
caesarean-section
සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)

emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

subfertility
මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )