මෙය සුලභ දෙයක් උනත් සමරහර විට ඉතාමත් අවධානම් තත්වයක පූර්ව ලක්ෂණයක් විය හැකිය. එ් නිසා ගර්හනී මවකට රුධිර වහනයක් වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. දරු ප්‍රසූතියට ආසන්න වන විට යෝනි මාර්ගයෙන් ගැබ් ගෙල ස්‍රාවයන් සමග මිශ්‍රව සුළු රුධිර පිටවීමක් සිදුවිය හැකියි. එවැනි අවස්ථාවක දරුවා ලැබීම සඳහා සූදානම්ව රෝහල් ගතවීම වඩාත් සුදුසුයි. මීට පෙර එවැනි රුධිර වහනයක් සිදුවුව හොත් එයට හේතුව වැදෑමහේ සංකූලතාවයක් විය හැකියි. වැදෑමහ සාමාන්‍යයෙන් පිහිටන ස්ථානයට වඩා පහලින් පිහිටීම placenta previa ලෙස හඳුන්වනව. මෙම තත්වය නිසා සමහරවිට දැඩි රුධිර වහනයක් ඇති වන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඉකමනින් රෝහල් ගත වීම ඉතාමත් වැදගත්. නැතිනම් මවගේ ජීවිතයට පවා හානි වෙන්න පුළුවන්. නමුත් මෙම තත්වය ස්කෑන් පරීක්ෂණයක් මගින් කලින් හඳුනා ගැනීමට හැකියාවක් තිබෙන නිසා ඔබට එවැනි තත්වයක් ඇතිනම් ඔබේ වෛද්‍ය වරයා කල් ඇතිව ඒ ගැන ඔබට පවසාවි.
වැදෑමහ පහලින් පිහිටන අවස්ථා
සමහර අවස්ථාවලදී වැදෑමහ දරුප්‍රසූතියට පෙර ගර්භාෂ බිත්තියට සවිවී ඇති ස්ථානයෙන් ගැලවෙන්න පුළුවන් එවැනි අවස්ථාවකදී රුධිර වහනයක් සිදුවන අතර මෙය ඉතා ඉක්මනින් හඳුනා නොගතහොත් දරු ගැබට පවා හානි වෙන්නnපුළුවන්. Placental abruption ලෙස හඳුන්වන්නේ මේ තත්වයයි.
වැදෑමහ ගර්භාෂ බිත්තියෙන් ගැලවී ඇති අවස්ථාවක්