කැපුම් තුවාල රහිතව ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)

ස්වභාවිකව දරුවෙකු බිහි වීම සිදු වන්නෙ යෝනි මාර්ගය හරහායි. ඒ වගේම ගර්භාෂය ඉවත් කරන සැත්කම වුවත් යෝනි මාර්ගය හරහා සිදු කිරීමට හැකියාව තිබෙනව. එහිදී උදරයේ කිසිම කැපුමක් යෙදීමට අවශ්‍ය වෙන්නෙ නැහැ. සියළුම කැපුම් සහ මැහුම් යොදන්නෙ යෝනි මාර්ගය ඇතුළතින් පිටතට නො පෙනෙන ආකාරයටයි.

ගර්භාෂය ඉවත් කරන ලැපරොස්කොපි ක්‍රමයට සහ උදරය විවෘත කර සිදු කරන සැත්කම් පිළිබඳ ව විස්තර වෙනත් ලිපියක අඩංගු වෙනව. මෙම ලිපියෙන් අවධානය යොමු කරන්නෙ යෝනි මාර්ගය හරහා සිදු කරන ගර්භාෂය ඉවත් කරන සැත්කම පිළිබඳවයි. සාමාන්‍යයෙන් ගර්භාෂය පහත් වීමට ප්‍රතිකාර ලෙස යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීම බහුලව සිදු කරන සැත්කමක්. ඊට අමතරව වෙනත් හේතුවක් නිසා ගර්භාෂය ඉවත් කිරීමට අවශ්‍ය වන විටකත්, එම සැත්කමත් යෝනි මාර්ගය හරහා ම සිදු කිරීමට හැකියාව තිබෙනව. කෙසේ වෙතත් ගර්භාෂය පහත් වීමක් නොමැති විට බොහෝ වෛද්‍ය වරු මෙම සැත්කම සිදු කරන්නේ උදරය විවෘත කිරීමෙනුයි.

යෝනි මාර්ගය තුලින් ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමේ ඇති වාසි.

1. උදරයේ කිසිම කැපුමක් හෝ මැහුම් යෙදීමක් අවශ්‍ය නොවීම

2. සිහි නැති කිරීමට අවශ්‍ය නොවීම. මෙය සිසේරියන් සැත්කමක දී මෙන් හිරි වැටීම සඳහා කොන්දට නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දී සිදු කරන්න පුළුවන්.

3. සැත්කම සඳහා ගතවන කාල වේලාව සහ වියදම ලැපරොස්කොපි සැත්කමකට සාපේක්ෂව අඩු වීම

නමුත් මෙම සැත්කම ලැපරොස්කොපි සැත්කම වගේම සෑම කාන්තාවකට සුදුසු නැහැ. සමහර අවස්තා වලදී විවෘත සැත්කමක් හෝ ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්.

උදා.

1. ගර්භාෂය ප්‍රමාණයෙන් විශාල වීම නිසා යෝනි මාර්ගය හරහා ඉවත් කිරීම අපහසු වීම.

2. කලින් සැත්කම් නිසා උදර කුහරය ඇතුළත ඇලීම් ඇතිවී තිබෙනම් මේ ක්‍රමයට ඒවා ආරක්ෂිත ව ඉවත් කිරීම අපහසුයි.

3. මේ සඳහා පුහුණු නාරිවේද වෛද්‍ය වරයෙකු අවශ්‍ය වෙනව. සෑම වෛද්‍ය වරයෙකුටම මෙවැනි සැත්කමක් කිරීමට අවශ්‍ය නිපුණතාවය නැහැ.

4. කලාතුරකින් සැත්කම සිදු කරන අවස්තාවේ අභන්තර රුධිර වහනයක් ඇති බව දැන ගැනීම.

මොකක්ද මේ සැත්කමේ දී සිදු වෙන්නෙ?

මුලින් ම සැත්කම සඳහා නිර්වින්දන ඖෂධ නික්ෂේපණයක් ලබා දීම සිදු කරනව. එය සිසේරියන් සැත්කමක දී මෙන් කොන්දට ලබා දෙන නික්ෂේපණයක් ලෙසයි ලබා දෙන්නෙ. පියවි සිහිය තිබිය දීම මෙම සැත්කම සිදු කරන්න මේ ඖෂධ මගින් ලැබෙන නිර්වින්දනය ප්‍රමාණවත් වෙනව. නමුත් සමහර විට පූර්ණ නිර්වින්දනය (සිහි නැති කිරීම) අවශ්‍ය වෙන්න පුළුවන්.

ඉන් පසු යෝනි මාර්ගය ඇතුළත කුඩා කැපුමක් යොදා ගර්භාෂය කොටසින් කොටස සිරුරෙන් වෙන් කිරීම සිදු කරනව. අවසානයේ ගර්භාෂය යෝනි මාර්ගය තුලින් ම පිටතට ගැනීම සිදු කරනව. මෙහි දී රුධිර වාහිනි අවහිර කර සැත්කම අවස්තාවේදී සහ ඉන් පසුව ඇතිවිය හැකි රුධිර වහනයන් නතර කිරීමට කටයුතු යොදනව. ගර්භාෂය ඉවත් කිරීමෙන් පසු අවශ්‍ය නම් පැලෝපීය නාල සහ ඩිම්බ කෝෂ ඉවත් කිරීමේ සැත්කමත් ඒ අවස්තාවේදීම සිදු කරන්න පුළුවන්.

මෙම සැත්කමෙන් පසු මුත්‍රා පිට වීමට මුත්‍රා බටයක් දැමීම බොහෝ විට සිදු කරනව. එය පැය 12කදී පමණ ඉවත් කිරීමට හැකියාව තිබෙනව. නිර්වින්දන ඖෂධ වල ක්‍රියාකාරිත්වය අවසන් වන විට වේදනාවක් දැනෙන්න පුළුවන් නිසා වේදනා නාශක ඖෂධ ලබා ගැනීම අවශ්‍ය වෙනව. ඉන් පසු සම්පූර්ණ සුවය ලැබෙන තෙක් දින 2 සිට 4 දක්වා කාලයක් රෝහලේ රැඳී සිටීමට අවශ්‍ය වෙන අතර යෝනි මාර්ගයේ ඇතුළත කැපුම සති දෙකක් පමණ වන විට සිදු වෙනව.

ගර්භාෂය ඉවත් කරන සැත් කම සිදු කල හැකි වෙනත් ආකාර ගැන පහත ලිපියේ තොරතුර දැක්වෙනව.

Laparoscopic Hysterectomy

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)