ගර්භණී සමයේ වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් පාවිච්චි කරන්න එපා. මුල් මාස තුන තුල මේ සඳහා ඖෂධ ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. ඉන් පසුව ඔබේ වෛද්‍ය වරයා ඖෂධ නිර්දේශ කරාවි. සාමාන්‍යයෙන් පණුවන් නිසා දරු ගැබට හානියක් වන්නේ නැහැ. නමුත් කොකු පණුවන් නිසා ඔබේ රුධිරයේ හිමෝග්ලොබින් මට්ටම අඩු වෙන්න පුළුවන් එමෙන්ම අනිකුත් පණු ආසාදන නිසා ආහාර ශරීරයට උරාගන්නා ප්‍රමානය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මුල් සති 12න් පසුව මේ සඳහා වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාර ලබා ගන්න