නම: la*** | වයස: 24
ගැටළුව

පියයුරුවල අදික ලෙස රෝම වර්ධනය වන්නේ ඇයි?මෙයට නිවසේ සිට කල හැකි ප්‍රතිකාරයක් තිබේද?නැතහොත් බීමට පුලුවන් බෙහෙතක් හෝ ආලේප කල හැකි දෙයක් තිබේද?මම අවිවාහකයි

පිළිතුර


මෙයට හේතු ගනනාවක්ම තිබෙනව. වැඩිදුර පරීක්ෂණ වලින් තොරව ස්ථිර හේතුවක් කියන්න අමාරුයි. බොහෝ විට හෝමෝන අසමතුලිත බවක් නිසා මෙය ඇති වන්න පුළුවන්. රුධිර පරීක්ෂණ මගින් මෙය දැන ගත හැකියි. ඔබ මින් පෙර පරීක්ෂාවකට ලක්වී නැත්නම් වෛද්‍යවරයෙකු හමුවන්න.
ඖෂධ මගින් ප්‍රතිකාර කරන්නේ නිවැරදි රෝග විනිශ්චයකින් පසුවයි. නමුත් ඔබට අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීමට පමනක් අවශ්‍යනම් එ් සඳහා බොහෝ ක්‍රම තිබෙනව. මේ ගැන ඔබේ රූපලාවන්‍ය ශිල්පිනියකගෙන් දැන ගත හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)