Articles on pregnancy, infertility, womens health


Obstetrics
ගර්භණී_මවකට_වමනය_සහ_ඕක්කාරය_ඇතිවීම

ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. වමනය ඕක්කාරය ඇතිවීම නිරෝගී ගර්භණී භාවයක ලක්ෂණයක් ලෙස පවතින මතය තරමක් දුරට සත්‍යයක්. මෙම රෝග ලක්ෂණ ඇති මවකට ගබ්සාවක් සිදු වීමට ඇති අවදානම තරමක....

ගර්භණී_මවකට_වමනය_සහ_ඕක්කාරය_ඇතිවීම

ගර්භණී_සමයේ_ලිංගික_එක්වීම_අවදානම්ද?

ගර්භණී මවක් තම කුස තුල සිටින දරුවාගේ ආරක්ෂාව ගැන සැම විටම සැලකිලිමත් වෙන නිසා දරු ගැබට අහිතකර විය හැකි සියළුම දේ වලින් වැලකී සිටීමට උත්සාහ කරනව. ඒ නිසා මේ කාලය තුල ලිංගික එක්වීම අහිතකර ද යන ගැට‍ළුව නිතරම ‍වෛද්‍ය වරුන්  වෙත යොමු වෙනව. මේ කාලය තුල මව සහ පියා ලඟින් ඇසුරු කිරීම මවගේ මානසික තත්වයට මෙන්ම දරුවාගේ වර්ධනය සහ විකසනයටත් වැදගත් වෙනව. ගර්භණී වීමත් සමග කාන්තාවකට ඇතිවෙන ඕක්කාරය, පියයුරුවල තද ගත....

ගර්භණී_සමයේ_ලිංගික_එක්වීම_අවදානම්ද?

බබා_ලැබෙන_දිනය_දැන_ගන්නෙ_කොහොමද?

කාන්තාවක් ගැබ් ගත් වහාම සොයා බලන දෙයක් තමයි දරුවා බිහි වීමට නියමිත දිනය. කොහොමද මේ දිනය ගණනය කරන්නෙ? අවසන් වරට කාන්තාවට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට සති 40කින් නැති නම් දින 280කින් දරුවා බිහි වීමට නියමිත දිනය ලෙස සාමාන්‍යයෙන් සලකනව. නමුත් මෙය 100%ක් නිවැරදි නැහැ. දරුවෙක් මවු කුස තුල සිටින කාල සීමාව එක් එක් ගර්භණී කාලයට වෙනස් වෙනව. සාමාන්‍යයෙන් මෙය සති 37ත් 42ත් (දින 259 – 294) අතර කාලයක් වෙනව. ඒ න....

බබා_ලැබෙන_දිනය_දැන_ගන්නෙ_කොහොමද?

ගර්භණී_මවකට_සිදු_කරන_මුල්ම_ස්කෑන්_පරීක්ෂණය.

බොහෝ මවු වරු ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල දීම ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙනව. මොකක්ද මේ ස්කෑන් පරීක්ෂණය කියන්නෙ? මෙය අත්‍යවශ්‍යද? ඉන් දරුවාට හානි වෙන්න පුළුවන්ද? මේ ගැන විස්තර දැන ගනිමු. ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නෙ අල්ට්‍රා සවුන්ඩ් නැති නම් අති ධ්වනි තරංග භාවිතා කරල. මෙහි දී භාවිතාවෙන තරංග අපි කතා කරන විට පිටවෙන ශබ්ද තරංග වලට සමාන තරංග වර්ගයක්. ස්කෑන් යන්ත්‍රය මගින් පිටවෙන මෙම තරංග ශරීරයේ....

ගර්භණී_මවකට_සිදු_කරන_මුල්ම_ස්කෑන්_පරීක්ෂණය.

ලේ_අඩුයිද?_ගැබිණි_මවට_ඇති_විය_හැකි_සංකූලතාවයක්

රක්තහීනතාවය ලෙස හඳුන්වන ලේ අඩු කම ඕනෑම අයෙකුට ඇතිවිය හැකි රෝග තත්වයක්. නමුත් ගර්භණී කාලයේ මෙවැනි තත්වයන් ඇතිවීමට අවදානම තරමක් වැඩියි. ලේ අඩු වීම නිසා ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම අවශ්‍ය වෙනව. මෙහි දී සිදු වෙන්නෙ රුධිරයේ හිමෝග්ලොබින් ප්‍රමාණය අඩු වීමයි. අපේ රුධිරයට රතු පාට ලැබෙන්නෙ හිමෝග්ලොබින් වලින්. ලේ අඩු වන විට සි....

ලේ_අඩුයිද?_ගැබිණි_මවට_ඇති_විය_හැකි_සංකූලතාවයක්

බබාගේ_වෝටර්_බෑග්_එක_ගැන_ඔබ_දැනුවත්ද?

මව් කුස තුල දරුවෙකු ජීවත් වෙන්නෙ තරලයෙන් පිරුණු අවකාශකයකයි. මෙම තරලය කලලාවාරික තරලය නැති නම් amniotic fluid ලෙස හඳුන්වනව. ගර්භාෂය අතුලත මෙම තරලය තිබෙන්නෙ කලලාවාරික පටල වලින් ආවරණය වන ලෙසයි. මෙම පටල ගැබ් ගෙලත් ආවරණය කරන නිසා සාමාන්‍යයනේ තරලය පිටතට පැමිනේනෙ නැහැ. දරුවා ඇම්නියෝටික් තරලය ලෙස හඳුන්වන මෙම තරලය තුල සිටින නිසා බාහිරින් සිදු වෙන වන ගැස්සීම් හා කම්පනයන්ගෙන් ආරක්ෂා වීමට හැකියාව ලැබෙනව. එස....

බබාගේ_වෝටර්_බෑග්_එක_ගැන_ඔබ_දැනුවත්ද?