සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)

දරුවකු මෙලොවට බිහි වන ස්වභාවික ක්‍රමය වන්නේ සාමාන්‍ය ප්‍රසූතියයි. නමුත් සමහර ගර්භණී මවු වරුන්ට සාමාන්‍ය ප්‍රසූතිය නුසුදුසු වන අවස්ථාවල දී, සිසේරියන් සැත්කමක් නිර්දේශ කරනව. දැනට ලංකාවේ සිදු වන දරු උපත් වලින් 1/3ක් පමණ සිසේරියන් සැත්කම් මගින් සිදු වන්නේ. මේ සඳහා පහසුකම් අපේ රටේ බොහෝ මූලික රෝහල වල තිබෙනව. මෙම ශල්‍යකර්මය සඳහා සාමාන්‍යයෙන් පැයකට වඩා අඩු කාලයක් ගත වෙන්නේ.

සිසේරියන් සැත්කම නිතරම සිදු කරන සැත්කමක් වුවත් සමහර විට සංකූලතා ඇතිවෙන්න පුළුවන්. එබැවින් මෙය නිර්දේශ කරන්නේ සාමාන්‍ය දරු ප්‍රසූතියකට සුදුසු නොවන අවස්තාවකදී පමණයි. මෙම සැත්කම සිදු කරන ප්‍රධාන ආකාර දෙකක් තිබෙනව.

  • සැලසුම් කල සිසේරියන් සැත්කම‍

මෙහි දී සිසේරියන් සැත්කමක් අවශ්‍ය බව වෛද්‍යවරු කලින් හඳුනා ගෙන සුදුසු දිනයක සැත්කම සඳහා සැලසුම් කිරීම සිදු වෙනව.

 
  •  හදිසි සිසේරියන් සැත්කම

සාමාන්‍ය ලෙස දරු ප්‍රසූතියට හෝ ඉදිරි දිනයක සිසේරියන් සැත්කමට සැලසුම් කල මවක් ඊට සූදානම් වන කාලය ඇතුළත යම් සංකූලතාවයකට ලක් වුව හොත් හදිසියේ ම සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සංකූලතාවයෙන් දරුවාට හෝ මවට සිදු විය හැකි හානිය අවම කර ගැනීමට මෙම සැත්කම හදිසියේ ම සිදු කල යුතුයි.

c-section vog lk

බොහෝ විට සිසේරියන් සැත්කම සිදු කරන්නේ මව පියවි සිහියෙන් සිටිය දී. නමුත් වේදනාවක් දැනෙන්නේ නැහැ. ශල්‍යකර්මයට පෙර ඇයගේ කොඳු ඇට පෙලට නික්ෂේපණය කරන ඖෂධයක් මගින් නාභියෙන් පහල කොටස හිරිවැටීමට ලක් කරනව. ඉන් පසුවයි ශල්‍යකර්මය ආරම්භ කරන්නේ.

ශල්‍යකර්මයට පෙර මුත්‍රා ඉවත් කිරීම සඳහා බටයක් දැමීම සහ යටි බඩ කොටසේ රෝම ඉවත් කිරීම සිදු කරනව. ඉන් පසු මවගේ උදරය මතුපිට පිරිසිදු කර, ජීවානු හරිත ‍රෙදි වලින් වැසීම සිදුකරනව. ඉන් පසු උදරයේ පහලින් හරස් අතට සෙන්ටි මීටර 10ක පමණ කුඩා කැපුමක් යොදනව. මෙය සාමාන්‍යයෙන් bikini line incision ලෙස හඳුන්වන අතර එය යොදන්නේ උදරයේ පහලම යට ඇඳුමකට වැසෙන ප්‍රදේශයේ.

caesarean section VOG LK

ඉන් පසුව සමට යටින් ඇති ස්තරයන් විච්ඡේදනය කරමින් උදර කුහරය තුලට ඇතුල් වෙනවා. ගර්භාෂයේ පහල කොටසේ තවත් තිරස් කැපුමක් යොදා දරුවා සිටින එක විවෘත කිරීම ඉන් පසුවයි සිදු කරන්නේ. වෛද්‍ය වරයා විසින් ප්‍රවේසමෙන් දරුවා එලියට ගැනීමෙන් පසුව පෙකණි වැල කැපීම සිදු කරනවා. ඒ අවස්ථාවේදීම මවට දරුවා දැක බලා ගන්න අවස්ථාව ලැබෙනව. මව් කිරි දීම ශල්‍යකර්මය අවසාන වීමට පෙරම ආරම්භ කල හැකියි. දරු ප්‍රසූතියෙන් පසු වැදෑමහ ඉවත් කර ගර්භාෂයේ ඇතුළත පිරිසිදු කරනව. ඉන් පසුවයි පියවරෙන් පියවර කැපූ ස්තර නැවත තිබූ තත්වයට මැසීම සිදු කරන්නෙ. මෙහි දී ගර්භාෂය, උදර බිත්තිය සහ සමේ මැහුම් දැමීමක් සිදුකරනව‍

ශල්‍යකර්මයෙන් පසුව රුධිර වහනයක් ඇත් දැයි පරීක්ෂා කරනව. ඉන් පසු මවත් දරුවාත් දෙදෙනා ම ශල්‍යාගාරයෙන් ඉවතට ගෙන යනු ලබනව. දෙපාවල හිරි ගතිය පහව යෑමට පැය 4ක් පමණ ගත වෙනව. ඉන් පසු ශල්‍යකර්මයේ වේදනාව දැනීමට හැකි නිසා වේදනා නාශක ඖෂධයක් ගැනීම අවශ්‍යයි. කෑම ගැනීම, මවුකිරි දීම වැනි දේ තනිවම කර ගැනීමට එවිට මවට හැකියාව ලැබෙනව. ශල්‍යකර්මයෙන් පැය 12කට පමණ පසු මුත්‍රා පිට වීමට ඇති බටය ඉවත් කරන අතර, බොහෝ විට නික්ෂේපණ ඖෂධ අවශ්‍ය වන්නේ නැහැ. දෙවන දිනය වන විට ඇඳෙන් බැස තරමක් දුර තනිවම ඇවිදීමට හැකියාව බොහෝ මව්වරුන්ට තිබෙනව. වේදනා නාශක ඖෂධ නිසි පරිදි ලබා ගැනීමත් දිගටම මවුකිරි දීමට කටයුතු කිරීමත් මේ කාලයේ වැදගත් වෙනව. සංකූලතාවයක් ඇති නො වුන හොත් දින 3ත් 5ත් අතර කාලයේ දී මවට රෝහලෙන් බැහැර යාමට හැකියි.

ශල්‍යකර්මයේ දී සමට යොදන්නේ බොහෝ විට දිය වන මැහුම්. එවිට මැහුම් ඉවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් දිය නොවන මැහුම් වර්ගයක් යොදා ඇත්නම් ශල්‍යකර්මයෙන් දින 5කට පමණ පසුව ඉවත් කර ගත යුතු වෙනව.

සාමාන්‍ය එදිනෙදා කටයුතු වල යෙදීම හානිකර නැති වුවත් සති දෙකක් පමණ යන තෙක් බර ඉසිලීම වැනි ක්‍රියාකාරකම් වලින් වැළකීම සුදුසුයි. සැත්කමෙන් සති 6කට පසුව නැවත ගැබ් ගැනීමේ අවදානමක් තිබෙන නිසා උපත් පාලන ක්‍රමයක් ආරම්භ කිරීමට ඔබේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍ය වරයා සමග සාකච්ඡා කර ගන්න.

Save

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

causes-abortion
ගබ්සාවීමට හේතු (Causes for abortion)

POPULAR POSTS
caesarean-section
සිසේරියන් සැත්කම ගැන හරියටම දැන ගන්න.(Caesarean Section)

emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )