මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම්
8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැටළුවක්
තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක්
සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි. එවැනි ගබ්සාවන් ගැන වැඩි විස්තර
වෙනත් ලිපියක් දැක්වෙනව. මුල් මාස තුනෙන් පසු සිදුවෙන ගබ්සාවන් එතරම් සුලබ නැහැ.
ඒවා ගැනත් මීට පෙර අපි ලිපියක් පල කර තිබෙනව. අපි මේ
ලිපිය වෙන් කරන්නෙ ගබ්සාවීම් වලට හේතුවෙන කරුණු ගැනයි.ඩිම්බයක් සහ ශුක්‍රාණුවක් එක්වීමෙන් ඇති වෙන යුක්තාණුව
ගර්භාෂය තුල තැන්පත් වීමෙන් පසු කලලයක් ලෙස වර්ධනය වෙනව. මෙම ක්‍රියාවලිය සඳහා අත්‍යවශ්‍ය
වෙන බොහෝ දේ තිබෙනව. ඉන් කිසියම් හෝ සාධකයක අඩුපාඩුවක් නිසා ගබ්සාවීමක් සිදු වෙන්න
පුළුවන්. නිරෝගී දරුවෙකු වර්ධනය වීමට අවශ්‍ය වෙන ප්‍රධානතම කරුණක්
තමයි දරුවාගේ ජාන සංයුතිය නිවැරදිව පිහිටා තිබීම. අපේ සිරුරේ සෑම සෛලයකම වර්ණදේහ 46 ක්
තිබෙනව. මේවායින් 23 ක් පියාගෙනුත් 23 ක්
මවගෙනුත් උරුම වෙන්නේ. මෙම වර්ණදේහ සංයුතියේ කිසියම් වෙනසක් ඇතිවුවොත් එම කලලයට
සාමාන්‍ය නිරෝගී දරුවෙකු ලෙස වර්ධනය වීමට හැකියාවක් නැහැ. මෙවැනි අසාමාන්‍ය
තත්වයන් තිබෙනව බොහෝ කලලයන් මුල් මාසය තුලදීම ඔබ ගැබ් ගැනීමක් සිදුවී ඇති බව දැන
ගන්නටත් පෙර ගබ්සා වෙනව. ඉතිරිවෙන අසාමාන්‍ය කලලයන් තමයි මුල් මාස තුන තුල සිදුවෙන
ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයකට හේතු වෙන්නෙ. ඊට අමතරව වෙනත් ජානමය සහ ශාරීරික
අසාමාන්‍ය තත්වයන් ඇති කලලයනුත් මෙලෙස ගබ්සාවීමට ලක් වෙනව. එවැනි ගබ්සාවන්
සිදුවන්නේ ස්වභාවිකව අසාමාන්‍ය දරුවන් ඇතිවීම වළක්වන ස්වභාවික වරණය ක්‍රියාවලිය ලෙසයි.
වෛද්‍ය ප්‍රතිකාර වලින් හෝ වෙනත් කිසිම ක්‍රමයකින් මෙවැනි ගබ්සාවන් වළක්වා ගන්න
හැකියාවක් නැහැ. දරුවාට කිසිම අසාමාන්‍ය තත්වයක් නොමැති විටත් ගබ්සාවෙන
අවස්තා තිබෙනව. එ්වාට හේතු වෙන කරුණු නම් 1. මවට
ඇතිවෙන ආසාදන තත්වයන්.
මවට වෛරස
රෝග තත්වයක් ඇතිවීම සමහර විට ගබ්සාවීමට හේතු වෙනව. තද උණ,
දරු ගැබට වෛරස ආසාදන වීම වැනි කරුණු මෙයට හේතු වෙන්න පුළුවන්. ගැබ් ගෙල හරහා
ගර්භාෂයට විෂබීජ ඇතුල් වීම නිසා ගබ්සාවෙන අවස්ථා කලාතුරකින් දක්නට ලැබෙන අතර බොහෝ
විට මෙවැනි ගබ්සාවීම සිදු වෙන්නෙ මුල් මාස තුනට පසුයි. 2. මවගේ
රෝග තත්වයන්.
දියවැඩියාව,
තයිරොයිඩ් හෝමෝන අසාමාන්‍ය තත්වයන් වැනි රෝග නිසි ලෙස පාලනය කර නොගත හොත් ඒ නිසා
ගබ්සා වීමට අවදානමක් තිබෙනව. 3. ගර්භණී
සමයේ මවගේ සිරුරේ හෝමෝන මට්ටම් නිසි පරිදි නොපැවතීම
ගර්භාෂය
ගර්භණී තත්වයෙන් පවත්වා ගැනීමට ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය දායක වේ. ගර්භණී සමයේ මෙම
හෝමෝනය නියමිත ප්‍රමාණයට නිපදවෙන්නෙ නැතිනම් ඒ නිසා ගබ්සා වීමට ඉඩ තිබෙනව. එය වළක්වා
ගන්න සමහර විට වෛද්‍යවරු ප්‍රොජෙස්ටරෝන් පෙති හෝ නික්ෂේපණ නිර්දේශ කරන අවස්තා
තිබෙනව. මුල් සති කිහිපය තුල වැදෑමහෙන් නිපදවෙන HCG හෝමෝනය දරු ගැබ ආරක්ෂිතව තබා
ගන්න අවශ්‍යයි. ඒ නිසා මෙම හෝමෝන ප්‍රමාණය අඩු වීමත් ගබ්සා වීමට බලපාන්න පුළුවන්. 4. මවගේ
රුධිර කැටි ගැසීම වැඩි වෙන රෝග තත්වයන්.
දරු ගැබට පෝෂණය
ලැබෙන්නේ, වැදෑමහ තුලට ගමන් කරන මවගේ රුධිරයෙන්. එම රුධිරය ඝනකම් වැඩිනම් වැදෑමහේ
සියුම් රුධිර නාල අවහිර වී ඊට සපයන රුධිර ප්‍රමාණය අඩු වෙනව. එවිට ගබ්සා වීමට ඉඩ
කඩ වැඩියි. එවැනි රෝග තත්වයක් ඇති විට රුධිර කැටි ගැසීම අඩු කරන්න ඇස්පිරින්, හෙපරින්
වැනි ඖෂධ ලබා දීමෙන් ගබ්සා වීමේ අවදානම අඩු කර ගන්න හැකියාව තිබෙනව. 5. මවගේ
ගර්භාෂයේ අසාමාන්‍යතා.
ගර්භාෂයේ ඇතුළත
බිත්තියට නෙරා තිබෙන ෆයිබ්‍රොයිඩ් ගෙඩි, ගර්භාෂය මැදින් දෙකට බෙදෙන පරිදි බිත්තියක්
(uterine septum) පැවතීම
වැනි කරුණු නිසා ගබ්සාවන් ඇති වෙන්න පුළුවන්. මෙවැනි රෝග තත්වයන් හිස්ටරොස්කොපි (hysteroscopy) සැත්කමක්
මගින් නිවැරදි කිරීමෙන් නැවත එවැනි ගබ්සාවක් සිදුවීම වළක්වා ගන්න පුළුවන්. 6. යෝනි
මාර්ගය තුල ඇති ආසාදන තත්වයන්
Bacterial
vaginosis වැනි ආසාදන තත්වයන් සඳහා නිසි ප්‍රතිකාර සිදු නොකල හොත්
එමගිනුත් ගැබ් ගෙල හරහා විෂබීජ ඇතුළු වීමට අවදානම වැඩි වෙනව. ඉහත හේතු වලින් බොහොමයක්ම නැවත නැවත ගබ්සාවීමට බලපාන්නෙ
නැහැ. ඒ නිසා එක් ගබ්සාවීමක් සිදුවූ පමණින් නැවත වරක් එසේ වේයැයි බිය වීමට හේතුවක්
නැහැ. මුල් මාස කිහිපයෙන් පසු සිදුවෙන ගබ්සාවන් පිළිබඳ වැඩි විස්තර තවත් ලිපියක සඳහන් වෙනව. ..