VOG.LK - ඇය සුරකින ඉසිවර නුවණ

අපි ගැන

අපගේ දර්ශණය

කාන්තා වන්ට පමණක් ආවේණික වූ (ප්‍රසව හා නාරිවේද) සෞඛ්‍ය ගැටළු සඳහා නිවැරදි වෛද්‍ය උපදෙස් හා විශ්වාසවන්ත තොරතුරු ඔබට සමීපව කඩිනමින් නොමිලේ ලබා දෙමින් සෞඛ්‍යසම්පන්න නීරෝගී මතු පරපුරක් බිහි කිරීම අපගේ දර්ශණයයි

අපගේ මෙහෙවර

තොරතුරු තාක්ෂණය පදනම් කොට ගත් ක්‍රම වේදයන් ඔස්සේ කාන්තා වන්ට පමණක් ආවේණික වූ (ප්‍රසව හා නාරිවේද) සෞඛ්‍ය ගැටළු සඳහා අවශ්‍ය නිවැරදි වෛද්‍ය උපදෙස් හා වෛද්‍යවිද්‍යාව තුල යාවත්කාලීන වන තොරතුරු දැනුම හා අවබෝධය පිණිස කඩිනමින් නොමිලේම ලබා දෙමින් සෞඛ්‍ය සම්පන්න නීරෝගීමත් ශ්‍රී ලාකීය කාන්තා හා දරු පරපුරක් බිහිකිරීමේ ජාතික කර්තව්‍යයට සහය වීම අපගේ මෙහෙවරයි

සංස්කාරක සටහන

කාන්තා වන්ට පමණක් ආවේණික වූ (ප්‍රසව හා නාරිවේද) සෞඛ්‍ය ගැටළු සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් හා තොරතුරු කඩිනමින් නොමිලේම ලබා දීම මෙම වෙබ් අඩවියේ මූලික අරමුණයි. සිංහල භෂාවෙන් සෞඛ්‍ය අධ්‍යපනය ලබා දෙන වෙබ් අඩවි කොතරම් පැවතියත් ඒවායේ පලවන තොරතුරුවල නිරවද්‍ය තාවය පිළිබඳ සහතික වීම අසීරු කරුණකි. එමෙන්ම එවැනි වෙබ් අඩවිවල පලවන තොරතුරු පදනම් කරගෙන ඔබ ඔබේ සෞඛ්‍ය ගැටළු සඳහා ගන්නා තීරන අනුව අතැම් විට ජීවිත අවදානම් වූවද ඇතිවිය හැකිය. එහෙත් මෙම වෙබ් අඩවියේ පල කෙරෙන කරුණු ප්‍රසව නාරිවේද විශේෂඥ වෛද්‍යවරුනගේ අධීක්ෂණය යටතේ පමණක් පලකෙරෙන අතර එම කරුණුවල නිරවද්‍යතාවය පිළිබඳ සහතික වෙමු.
එමෙන්ම අතිශය කාර්යබහුල ජීවන රටාවකට යොමුවූ වර්තමානය තුල සිටින ඔබට, ඔබ අතැති ජංගම දුරකතනයෙන් හෝ නිවසේ , කාර්යාලයේ පරිගණකයෙන් තමන්ට පහසු වේලාවක මෙම වෙබ් අඩවියට ප්‍රවේශ විය හැකිය.එමෙන්ම සියළු කරුණු සරල බසින් පැහැදිලි කිරීමට අප නිරන්තරයෙන් උත්සාහ කරන අතර පලකෙරෙන එම කරුණු හා තොරතුරු පිලිබඳ යම් ගැටළුවක් වෙතොත් අපට දෙනුම් දෙන ලෙසද ඉල්ලා සිටිමු. එමෙන්ම ඔබෙන් ලැබෙන නිරන්තර ප්‍රතිචාර මෙම සේවාව තවත් පුළුල් කිරීමට පිටුවහලක් වනබවද අප සිහිපත් කරමු
මෙම වෙබ් අඩවියේ පල වන තොරතුරු හා උපදෙස් කිසිසේත්ම වෛද්‍ය හමුවකට සමාන නොවේ, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයෙන් පළකරනු ලබන එම තොරතුරු හා වෘත්තීය උපදේශන මහජනතාවට සේවය කිරීමේ යහපත් චේතනාවෙන් පමණක් පල කරනු ලබන අතර ඒවා චිකිත්සාව හෝ ප්‍රතිකාර වෙනුවට ගත හැකි ආදේශනයන් ද නොවේ. එමෙන්ම මෙහි අඩංගු ගැටලුවලට ලබා දී ඇති පිළිතුරු එකිනෙකාගේ රෝග ස්වභාවය අනුව වෙනස් විය හැකිය.වෛද්‍යවරයෙකු ප්‍රතිකාර කරනු ලබන්නේ රෝගියකු පරීක්ෂා කිරීමෙන් අනතුරුවය. අන්තර්ජාලය ඔස්සේ එවැනි පරීක්ෂාවක් හෝ ප්‍රතිකාර නිර්දේශ කිරීමක් කිසිසේත්ම සිදුකළ නොහැක. එබැවින් ඔබට යම් කිසි සෞඛ්‍ය ගැටළුවක් සම්බන්ධව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මොහොතක වහාම සුදුසුම්කම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවන්න. සැමවිටම ඔබගේ වෛද්‍යවරයාගෙන් හෝ ආරෝග්‍ය ශාලාවකින් තවදුරටත් අපැහැදිලි තැන් පිලිබඳ උපදෙස් ලබා ගන්න.





About us

The aim of this web site is to educate you regarding women’s health and child birth and to provide quick and reliable answers to your questions. You can access this website easily on your mobile phone or tablet. This website provides information on simple Sinhala language and we guarantee that the information presented here are personally supervised and approved by a doctor before publishing. If you have any questions regarding the content, please contact us. We do not recommend treatment or prescribe medicine on this website. Advice on this website is not a substitute to your doctors prescription. If you think that you need medical advice, please meet a qualified medical practitioner.
Thank you





VOG.LK - OUR TEAM



best sri lankan website
best sri lankan website


2017 - Best Sri Lankan Website

මෙම වෙබ් අඩවියේ පල වන තොරතුරු හා උපදෙස් කිසිසේත්ම වෛද්‍ය හමුවකට සමාන නොවේ. ඔබට යම් කිසි සෞඛ්‍ය ගැටළුවක් සම්බන්ධව වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය මොහොතක වහාම සුදුසුම්කම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවන්න.