ගර්භාෂය ඉවත් කරන්න අවශ්‍ය බව ඔබට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ පසු ඔබේ සිතට ඇතිවන ගැටළු වලට පිළිතුරු දීමටයි මේ ලිපිය වෙන් කරන්නෙ.
ගර්භාෂය කියන්නේ මාංශ පේශී වලින් යුක්ත කුඩා අවයවයක්. කාන්තා ප්‍රජනක පද්ධතියේ ප්‍රධානතම කොටස විදියට තමයි ගර්භාෂය සලකන්නෙ. මෙහි ප්‍රධානතම කර්තව්‍යය වන්නේ ගැබ් ගැනීමේ සිට දරු ප්‍රසූතිය දක්වා දරු ගැබ වර්ධනය වීමට අවශ්‍ය අවකාශය සහ පෝෂණය සැපයීමයි. ඔසප් චක්‍රයේදී සිදුවන රුධිර වහනය සිදුවන්නේ ගර්භාෂ බිත්තියේ ඇතුළත ස්තරය බිඳවැටීම නිසයි. ඔබ දරු පල ලබා අවසන් වූ පසු ශරීරයේ ගර්භාෂයට වෙන්වූ විශේෂ කර්තව්‍යයක් නැහැ.
නමුත් ගර්භාෂයේ ඇතිවන රෝග තත්ත්වයන් රැසක් නිසා කාන්තාවන් අපහසුතාවට පත්වන අවස්ථා බොහොමයක් තිබෙනවා. ඒ අතර ඔසප් වීම සමග ඇතිවන අධික රුධිර වහනය, ඔසප් වීමත් සමග ඇතිවන වේදනාව, ගර්භාෂයේ ගෙඩි ඇතිවීම සහ එම ගෙඩි නිසා උදරය විශාල වීම මුත්‍රා කිරීම සහ මල පහ කිරීමේදී අතිවෙන අපහසුතාවයන්, ගර්භාෂයේ පිළිකා ඇතිවීම වැඩි තත්ත්වයන් නිසා බොහෝ කාන්තාවන් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට පැමිණෙනවා. මෙවැනි අවස්ථාවක ගර්භාෂය ඉවත් කිරීම ඊට සුදුසුම ප්‍රතිකාර ලෙස සමහර විට ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන්න පුළුවන්.
ගර්භාෂය ඉවත් නොකර වී රෝගී තත්ත්වය සමනය කරගන්න පුලුවන්ද කියලා සමහරවිට ඔබට සැකයක් ඇති. ඔබ ගර්භාෂ පිළිකා තත්ත්වයක් හැර අනිකුත් රෝග තත්වයක් නිසා ගර්භාෂ ඉවත් කරන්න සුදානම් වන කාන්තාවක් නම්, ඔබේ රෝග තත්වය පාලනය කිරීමට හැකි වෙනත් ප්‍රතිකාර ක්‍රම තිබෙනව. මේ අතර ගර්භාෂය තුල තැන්පත් කරන හෝර්මෝන ලූපයක්, ගර්භාෂයේ ගෙඩි වල විශාලත්වය අඩු කරන හෝමෝන ඖෂධ, ගර්භාශයට රුධිර සැපයුම අවහිර කරන ක්‍රම, ගර්භාෂයේ ඇතුළත සෛල ස්තරය විනාශ කිරීම සහ රෝග ලක්ෂණ පාලනය කිරීමට යොදා ගන්නා ඖෂධ වර්ගයක් භාවිතා කිරීම වැනි ප්‍රතිකාර ක්‍රම ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කමකට විකල්ප ක්‍රම විදියට භාවිතා කරන්න පුළුවන්. නමුත් එමගින් සිදු වෙන්නේ කෙටි කාලයකට ඔබගේ රෝග ලක්ෂණ පාලනය කර තබා ගැනීම පමණයි.
ගර්භාෂය නිසා ඇතිවන අධික වේදනාවට, අධික රුධිර වහනයට සහ ගර්භාෂයේ ගෙඩි වලට ස්ථිර ප්‍රතිකාර ක්‍රමයක් ලෙස ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම හදුන්වන්න පුළුවන්. මෙහිදී ගර්භාෂය සිරුරෙන් ඉවත් කරන නිසා ඉන් පසු ඔසප් වීමක් සිදු වන්නේ නැහැ. ඒ සමග ඇතිවන වේදනාවන් සහ අධික රුධිර වහනයෙන් සුව කිරීමට වගේම ගර්භාෂය පහත් වීම සහ පිළිකා අවදානම් වෙනුවෙනුත් මේ සැත්කම සිදු කරන්න පුළුවන්.
ගර්භාෂය ඉවත් කරන සැත්කම සිදු කරන ප්‍රධානතම ක්‍රම තුනක් තිබෙනව.
1. උදරයේ කිසිම කැපුමක් නොමැතිව යෝනි මාර්ගය හරහා ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)
2. උදරයේ කුඩා කැපුම් පමණක් යොදා laparoscopy ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීම (Laparoscopic Hysterectomy)
3. විවෘත සැත්කමක් ලෙස උදරයේ කැපුමක් යොදා ඒ තුළින් ගර්භාෂ ඉවත් කිරීම.
උදරයේ කැපුම් නොයොදා යෝනි මාර්ගයේ ඇතුළතින් ගර්භාෂ ඉවත් කිරීම මගින් තුවාල නිසා ඇතිවන සංකූලතා අවම කරගන්න පුළුවන්. මෙම ක්‍රමයට සැත්කම සිදු කරන්න සිහි නැති කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. සිසේරියන් සැත්කමකදී මෙන් පිට කොන්දට ලබා දෙන නික්ෂේපණ ඖෂධයක් මගින් හිරිවැටීමට ලක් කර මෙම සැත්කම කරන්න සිදු පුළුවන්. එනිසා සැත්කම සඳහා වැයවන වියදම අනිත් ක්‍රමයට සාපේක්ෂව ඉතාමත්ම අඩුයි. ලැපරොස්කොපි උපකරණ භාවිතයෙන් ඉතා කුඩා කැපුම් කිහිපයක් පමණක් laparoscopy hysterectomy සැත්කම සිදු කරන විට සැත්කමින් පසුව ඇතිවෙන වේදනාවන් ඉතා අඩු නිසා බොහෝ විට එක් දිනකින් රෝහලෙන් බැහැර වීමට පහසුකම් ලැබෙනවා. නමුත් මේ ක්‍රමය අනිත් ක්‍රමයන්ට සාපේක්ෂව මිල අධිකයි. අනික් සැත්කම් ක්‍රමය වෙන්නේ උදරයේ කැපුමක් යොදා විවෘත සැත්කමක් ලෙස ගර්භාෂය ඉවත් කිරීමයි. මෙහිදී තුවාල සුව වීමට ගත වන කාලය තරමක් වැඩි අතර සැත්කමෙන් පසු ඇතිවෙන වේදනාවත් තරමක් වැඩියි.
ඉහත සැත්කම් ක්‍රම තුනේ ඔබට සුදුසුම ක්‍රමය තෝරා ගැනීමට නම් ඔබ ඔබේ වෛද්‍යවරයා සමඟ මේ ගැන සාකච්ඡා කළ යුතුයි. ගර්භාෂය ඉවත් කිරීම අවශ්‍ය වෙන බොහෝ කාන්තාවන්ට යෝනි මාර්ගය තුළින් උදරය කිසිම කැපුමක් රහිතව එම සැත්කම සිදු කරන්න පුළුවන්. ඒ සඳහා පළපුරුදු වෛද්‍යවරයෙක් අවශ්‍ය වෙනවා. උදරය ඇතුළත ඇලීම් වැනි තත්වයන් නිසා මෙම සැත්කම සිදු කිරීම අපහසු අවස්ථාවලදී ලැපරොස්කොපි සැත්කම ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. එහිදී උදරයේ ඉතා කුඩා කැපුම් කිහිපයක් යෙදීම අවශ්‍ය වෙනවා. නමුත් මෙහි ක්‍රමයේ තිබෙන විශේෂ වාසිය තමයි ඒ සමග ඉතාමත්ම සියුම් ශල්‍ය උපකරණ සහ සැත්කම මගින් ඇතිවන තුවාල සුව වීමට ගතවන කාලය ඉතාමත්ම අඩුයි ඔබට ඉක්මනින් නැවත ඔබගේ එදිනෙදා වැඩ කටයුතු ආරම්භ කිරීමට හැකියාව ලැබෙනව. ගර්භාෂ පිළිකා තත්ත්වයක් වැනි අවදානම් තත්ත්වයක් තිබෙන විට ඉහත ක්‍රම දෙක වෙනුවට විවෘත සැත්කමක් අවශ්‍ය වෙන්න පුළුවන්
ඕනෑම සැත්කමක් හෝ වෛද්‍ය විද්‍යාත්මක
ක්‍රියාවලියක් නිසා අතුරු ආබාධ සහ සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඕනෑම සැත්කමක දී ඇති විය හැකි අතුරු ආබාධ
ගර්භාෂය ඉවත් කළ සැත්කමකට පොදු වන අතර ප්‍රධාන වශයෙන් අපට හඳුනා ගන්න පුළුවන්
සංකූලතා තමයි විෂබීජ ආසාදන ඇතිවීම, සැත්කමින් පසුව ඇතිවන වේදනාව, සැත්කම අවස්ථාවේ
ඇතිවන රුධිර වහනය. සැත්කම අවස්ථාවේ අභ්‍යන්තරයට ඉන්ද්‍රියකට හානි සිදුවීම ඉතාමත්
කලාතුරකින් සිදුවිය හැකියි. එලෙස මුත්‍රාශය, මුත්‍රා වාහිනී. බඩවැල්, රුධිර වාහිනී
වැනි ඉන්ද්‍රියකට හානියක් සිදු වුවහොත් එය ප්‍රතිසංස්කරණය කිරීමට ඒ අවස්ථාවේදීම මැහුම්
යෙදීමක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඊට අමතරව පෙනහලුවල ආසාදන තත්ත්වයන්, මුත්‍රා ආසාදන
තත්ත්වයන්, පාදවල රුධිර කැටි හිර වීම, හෘදයාබාධ වැනි සංකූලතා ඕනෑම සැත්කමකට පසුව
ඇතිවීමේ ඉඩ ඇති ඉඩකඩක් තිබෙනව.
ගර්භාෂය ඉවත් කරන විවිධ සැත්කම් ක්‍රම පිළිබඳ ව වැඩි විස්තර අපි මීට පෙර ලිපි කිහිපයකම සාකච්ඡා කර තිබෙනවා. ඒ පිළිබඳ පහත ලින්ක් වලින් ඔබට බලා ගන්න පුළුවන්
උදරයේ කිසිම කැපුමක් නොමැතිව යෝනි මාර්ගය හරහා ගර්භාෂය ඉවත් කරන සැත්කම (NDVH)
උදරයේ කුඩා කැපුම් පමණක් යොදා laparoscopy ක්‍රමයට ගර්භාෂය ඉවත් කිරීම (Laparoscopic Hysterectomy)