කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

බොහෝ දෙනෙක් කන්‍යා පටලය හා කන්‍යාභාවය පිළිබඳ ලිපියක් පල කරන ලෙස ඉල්ලා එවා තිබුණා. ඒ වගේම මේ සම්බන්ධව මිථ්‍යා මත රැසක් තිබෙන නිසා කන්‍යා පටලය පිළිබඳ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සඳහා මේ ලිපිය යොදා ගන්නම්.

ගැහැණු දරුවෙකු උපදින විට යෝනි මාර්ගයේ පිටත කෙළවරට මදක් ඇතුළතින් තුනී පටලයක් හඳුනා ගන්න පුළුවන්. මෙය කන්‍යා පටලය (Hymen) ලෙස හඳුන්වනව. මානව පරිනාමයේදී මෙම කොටසට වෙන් වූ විශේෂ කර්තව්‍යයක් හඳුනා ගෙන නැහැ. සමහර කාන්තාවන්ට උපතින් ම කන්‍යා පටලයක් පිහිටන්නෙ නැහැ. සාමාන්‍යයෙන් කන්‍යා පටලය මැද ඔසප් වන රුධිරය සහ යෝනි මාර්ගයේ ස්‍රාවයන් පිටතට පැමිණීමට හැකි වෙන පරිදි විවරයක් තිබෙනව. මෙම විවරයේ විශාලත්වය සහ ස්වරූපය විශාල ලෙස වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම මෙම පටලයෙන් යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන්නෙ නැහැ.

පලමු ලිංගික සංසර්ගයේ දී කන්‍යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවිය යුතු බවට මතයක් පවතිනවා. ලිංගික එක් වීමේදී කන්‍යා පටලය හෝ යෝනි මාර්ගයේ අැතුලත බිත්තියේ ඉරීමක් අැතිවීමට ඉඩ තිබෙනව. එ් නිසා රුධිර වහනයක් විය හැකියි. නමුත් කන්‍යා පටලයක් පිහිටා නැති කාන්තාවකට පලමු සංසර්ගයේ දී රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. විවරය වටා වල්ලක් ලෙස මෙම පටලය පිහිටා ඇති නම් පමණක් ලිංගික සංසර්ගයක දී හෝ යෝනි මාර්ගයට කිසිවක් ඇතුළු කරන විට දී මෙම පටලය ඉරී යාමට හැකියාවක් තිබෙනව. එවැනි කාන්තාවන් ගෙනුත් යම් ප්‍රතිශතයක ගේ කන්‍යා පටලය ඇදෙන සුළු නිසා එහි ඉරීමකින් තොරව සංසර්ගයේ යෙදීමට හැකියාව තිබෙනව. එවිටත් රුධිර වහනයක් සිදු වෙන්නෙ නැහැ. ඒ නිසා පලමු ලිංගික සංසර්ගයේ දී රුධිර වහනයක් අනිවාර්යයෙන් සිදු විය යැයි පවතින මතය විද්‍යාත්මක නැහැ. මේ ගැන නිවැරදි අවබෝධයක් බොහෝ දෙනෙකුට නොමැතිකම නිසා උපතින් ම කන්‍යා පටලයක් නොමැති කාන්තාවන් අධික මානසික පීඩනයකට ලක් වෙන අවස්තා බහුලව දක්නට ලැබෙනව.

තවත් සමහර කාන්තාවන්ට යෝනි මාර්ගය සම්පූර්ණයෙන් වැසෙන ලෙස කන්‍යා පටලය පිහිටනවා. ඒ වගේ අවස්ථාවක ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට නො හැකියි. එවැනි කාන්තාවන්ට ශල්‍ය කර්මයක් මගින් කන්‍යා පටලයේ සිදුරක් ඇති කර ඔසප් වන රුධිරය පිටතට පැමිණීමට සැලැස්වීම අවශ්‍ය වෙනව.

බොහෝ දෙනෙකු විමසන තවත් ගැට‍ළුවක් තමයි වෛද්‍ය පරීක්ෂණයක් මගින් කන්‍යා භාවය පරීක්ෂා කල හැකි ද යන වග. පර්යේෂණ වලින් සොයා ගෙන ඇති පරිදි කන්‍යා පටලය සාමාන්‍ය ලෙස පිහිටීම මගින් කලින් ලිංගික එක්වීමක් සිදුව නැති බව තහවුරු කරන්න බැහැ. කන්‍යා පටලය ඇදෙන සුළු නම් සංසර්ගයේ දී එයට හානියක් නොවීමට ඉඩ තිබෙනව. ඒ වගේම මෙම පටලයේ ඇති වෙන සියුම් ඉරීමක් නැවත යා වීමට ඉඩකඩ තිබෙනව. තවත් පර්යේෂණයක් මගින් සොයා ගෙන ඇති පරිදි කලින් ලිංගික ව එක් වී ඇති කාන්තාවන් ගෙන් 52%කට කන්‍යා පටලයේ කිසිම ඉරීමක සලකුණු හඳුනා ගෙන නැහැ. ඒ නිසා කන්‍යා පටලය පිහිටා තිබීම හෝ නො තිබීම මගින් කාන්තාවක් කලින් ලිංගික එක්වී ඇති බව සොයා ගන්න බැහැ.

කෙසේ වෙතත් තවමත් සමහර රටවල කාන්තාවගේ කන්‍යාභාවය පලමු සංසර්ගයේ රුධිර වහනය මගින් මැන බලන බව රහසක් නොවෙයි. ඒ නිසාම කලින් ලිංගික එක්වීමක් නිසා කන්‍යා පටලයට හානිවු කාන්තාවන් කන්‍යා පටලය නැවත සකස් කල හැකි දැයි විමසා සිටිනව. එලෙස කන්‍යා පටලය නැවත සකස් කිරීමට සැත්කමක් තිබෙනව. මෙය hymenoplasty ලෙස හඳුන්වනව. නෙදර්ලන්තයේදී කරන ලද වෛද්‍ය පරීක්ෂණයකට අනුව මෙම සැත්කම සාර්ථක බව තහවුරු වී තිබෙන නමුත් අත්‍යවශ්‍ය නොවන මෙවැනි සැත්කමකට යොමු නොවී සිටීම වඩාත් සුදුසුයි. සැත්කමක් අවශ්‍ය වුවත් එය සුදුසුකම් නොලත් පුද්ගලයන් ලවා කරවා ගැනීම ඉතාමත් අවදානම්. එවැනි ස්ථාන වලින් සැත්කම් සිදු කරගත් කාන්තාවන්ට විෂබීජ ආසාදන වැනි සංකූලතා සමග රෝහල් ගතවීමට පවා සිදුව තිබෙනව.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)