සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන Vaginal Candidiasis රෝග තත්වය

සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන දිලීර ආසාදන තත්වයක් තමයි Vaginal candidiasis කියන්නෙ. මෙය ඉතා සුලබ රෝග තත්වයන්. කාන්තාවන්ගෙන් 75%කටම කෙදිනක හෝ මෙම ආසාදන තත්වය ඇතිවෙන්න ඉඩ කඩ තිබෙනව. ඕනෑම වයසකදී දිලීර ආසාදන තත්වයන් ඇතිවිය හැකි නමුත් මෙම තත්වය වයස 30 – 49 ත් අතර කාන්තාවන් අතර බහුලයි. සමහර කාන්තාවන්ට මෙවැනි ආසාදන නිතර නිතර ඇතිවීම දක්නට ලැබෙනව. මෙම ආසාදනයට හේතු වෙන්නේ නමින් හඳුන්වන යීස්ට් වර්ගයට අයත් දිලීරයක්.

vaginal candidiasis තත්වය නිසා ඇතිවන සුලබ රෝග ලක්ෂණ තමයි  යෝනි මාර්ගයෙන් කිරි පැහැති ඝනකම් ස්‍රාවයක් පිටවීම, ඒ අවට කැසීමක් දැවිල්ලක් ඇතිවීම, ලිංගික එක්වීමේදී සුළු වේදනාවක් ඇති වීම. මෙවැනි රෝග ලක්ෂණ ඇති විට පරීක්ෂාවකින් තොරවම මෙම රෝග තත්වය හඳුනා ගන්න වෛද්‍ය වරයෙකුට හැකියාව තිබෙනව. වැඩිදුර වෛද්‍ය පරීක්ෂාවන් අවශ්‍ය වෙන්නෙ නැවත නැවත දිලීර ආසාදන තත්වයන් ඇතිවෙන විටයි.

සිරුරේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වැඩි වන විට යෝනි මාර්ගයේ දිලීර ආසාදන තත්වයන් ඇතිවීම බහුලයි. ඒ නිසා මේ තත්වය ඊස්ට්‍රජන් හෝමෝන ලබා ගන්නා කාන්තාවන්ට වගේම පොලිසිස්ටික් ඔවරි සින්ඩ්‍රෝම් වැනි රෝග තත්වයන් ඇතිවිටත් වැඩිපුර දක්නට ලැබනෙව. ඊට අමතරව දියවැඩියාව, ප්‍රතිශක්ති පද්ධතියේ දුර්වල වෙන HIV වැනි රෝග තත්වයන්, වෙනත් ආසාදන සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම, ගර්භණී වීම වැනි හේතු vaginal candidiasis රෝග තත්වය ඇතිවීමට අවදානම් සාධක ලෙස හඳුනා ගෙන තිබෙනව. නමුත් මේ කිසිම අවදානම් තත්වයක් නොමැතිවත් මෙම ආසාදනය ඕනෑම කාන්තාවකට ඇති වෙන්න පුළුවන්.

ඔබට මෙවැනි ආසාදන තත්වයක් ඇති නම් වෛද්‍ය උපදෙස් අනුව දිලීර නාශක ඖෂධ වර්ගයක් ලබා ගන්න පුළුවන්. මෙම ඖෂධ ගිලින පෙති, යෝනි මාර්ගය තුලින් ඇතුළු කරන පෙති, සහ ආලේපන වර්ග විදියට ලබා ගන්න පුළුවන්. ඉන් ඔබට වඩාත් සුදුසු ඖෂධය වෛද්‍ය වරයා නිර්දේශ කරාවි. මෙම දිලීර රෝගය බොහෝවිට ඖෂධ මගින් සුව කරන්න පුළුවන්. ඔබට මුලින්ම රෝගය සුව කිරීමට ඖෂධ ලබා දෙන අතර, ඉන් පසු නැවත ඇති වීම වැලැක්වීමට මාස 6ක පමණ කාලයක් ඖෂධ ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි. ඖෂධ ලබා ගැනීමේදී නිර්දේශ කල සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා ගැනීම වැදගත් වෙනව. එසේ නොමැති නම් යෝනි මාර්ගය තුල දිලීර ඉතිරිව තිබී ඉක්මණින් නැවත ආසාදන තත්වය ඇතිවීමට වගේම ඖෂධ වලින් පාලනය කිරීම අපහසු වීමටත් අවදානමක් තිබෙනව.

සම්පූර්ණ කාල සීමාවම ඖෂධ ලබා නොගැනීම සහ කලින් සඳහන් කල දියවැඩියාව වැනි රෝග තත්වයන් මෙලෙස නැවත නැවත දිලීර ආසාදන ඇතිවීමට හේතු ලෙස සලකන අතර කිසිම අවදානම් තත්වයක් නෙමැතිවත් නැවත නැවත vaginal candidiasis රෝග තත්වය ඇති වෙන කාන්තාවන් සිටිනව.

මෙම රෝග තත්වය ඇතිවීම වළක්වා ගැනීමට සැහැල්ලු කපු යට ඇඳුම් භාවිතා කිරීම, යෝනි මාර්ගය ආශ්‍රිත ප්‍රදේශය වියලිව තබා ගැනීම, දියවැඩියාව වැනි රෝග තත්වයන් හොඳින් පාලනය කර ගැනීම වැනි පියවර වැදගත් වෙනව. ආසාදන තත්වයක් ඇති විය ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ඖෂධ රෝග ලක්ෂණ සමනය වීමත් සමග නතර නොකර සම්පූර්ණ කාල සීමාවටම ලබා ගන්න.

ගර්භණී සමයේ මෙවැනි තත්වයක් ඇති වුව හොත් ඒ ගැන විශේෂයෙන් සලකා බැලීම අවශ්‍ය වෙනව. ඒ ගැන වැඩි විස්තර වෙනත් ලිපියක පල කර තිබෙනව. 

ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)