දරු ඵල අහිමි කාන්තාවන්ගේ සිහින සැබෑකරන IUI ප්‍රතිකාරය.

දරු ඵල ප්‍රමාදවීම බොහෝ දෙනෙකුට පීඩා දෙන තත්වයක්. මේ සඳහා තිබෙන එක් ප්‍රතිකාර ක්‍රමයක් වෙන IUI (Intra Uterine Insemination) ක්‍රමය ගැන මේ ලිපියෙන් විස්තර කරන්නෙ. මෙහිදී සිදු වෙන්නෙ, ශුක්‍රාණු පිටතට ගෙන රසායනාගාරය තුල තේරීමකට ලක් කිරීම. ඉන් පසු එම ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීම සිදු කරනව. එක්වරකදී මෙම ප්‍රතිකාර ක්‍රමය සාර්ථකවීමට ඇති හැකියාව 15%ක් පමණ වෙන්නේ.

මෙම ප්‍රතිකාරය අවශ්‍යදැයි තීරණය කිරීමට පෙර ඔබ විශේෂඥ වෛද්‍ය වරයෙකු යටතේ පරීක්ෂාවට ලක්වීම අවශ්‍යයි. මෙය සාර්ථක වීම සඳහා, කාන්තාවගේ වයස, කාන්තාවට ඇති රෝග තත්වයන්, පුරුෂයාගේ ශුක්‍රාණු ප්‍රමාණය සහ එහි ගුණාත්මක බව වැනි කරුණු බලපානව. ඒ නිසා මෙම ප්‍රතිකාරය ආරම්භ කිරීමට පෙර මූලික පරීක්ෂණ කිහිපයකට යොමුවීම අවශ්‍යයි. එමගින් ශුක්‍රාණු වල තත්වය, කාන්තවගේ ඩිම්බ මේරීමේ ක්‍රියාවලිය නිසි ලෙස සිදුවේද යන්න වැනි කරුණු සොයා බලනව.

ඉන් අනතුරුව බොහෝවිට ඩිම්බ මේරීම උත්තේජනය කිරීම සඳහා ඖෂධ ලබා දෙනව. මෙම ඖෂධ පෙති වශයෙන් හෝ නික්ෂේපන ලෙස ලබා ගැනීමට අවශ්‍ය විය හැකියි. පෙති වශයෙන් බහුලවම ලබා දෙන්නේ Clomiphene Citrate කියන ඖෂධය. මෙය ඔසප් වීම ආරම්භ වූ දිනට පසු දින සිට දින පහක් ලබා ගැනීමටයි සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නෙ. සමහරවිට ඩිම්බ මේරීම උත්තේජනය සඳහා මීට අමතරව හෝමෝන ඖෂධ නික්ෂේපනයක් අවශ්‍ය වෙන්න පුළුවන්.

ඔසප්වීමෙන් දින 11කට පසු ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමෙන් මෙම ඖෂධ නිසි ලෙස ක්‍රියාත්මක වී ඇතිදැයි දැන ගන්න පුළුවන්. එම අවස්ථාවේදී අවශ්‍ය ප්‍රමාණයට ඩිම්බ මේරීම සිදුවී ඇති බව දැන ගන්න පුළුවන්. ඉන් පසුව ඩිම්බ පිටවීම නියමිත වේලාවට සිදුකර ගැනීමට hCG (Human Chorionic Gonadotropin) හෝමෝනය නික්ෂේපනයක් ලෙස ලබාදීම සිදු කරනව. එම නික්ෂේපනය ලබා ගෙන පැය 36කින් පමණ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම සිදු වෙනව. ඩිම්බ පිටවෙන කාලය අනුව IUI ප්‍රතිකාරය සඳහා සුදුසු කාලය තීරණය කරනු ලබනව.

IUI සඳහා මුලින්ම ශුක්‍රාණු සාම්පලයක් ලබා ගත යුතුයි. ඊට පෙර දින 3ක් පමණ ශුක්‍රාණු පිට කිරීමෙන් වැලකී සිටීම වඩා සුදුසුයි. ශුක්‍රාණු සාම්පලය හැකි ඉක්මණින් රසායනාගාරයට බාර දීම එහි ගුණාත්මක බව ආරක්ෂා කර ගැනීමට හේතු වෙනව.

රසායනාගාරය තුල ශුක්‍රාණු පිරිසිදු කර තේරීමකට ලක් කරනව. නිසි ලෙස සකස් කල සාම්පලය පැයකින් පමණ ගර්භාෂය තුල තැන්පත් කිරීමට සූදානම් කර දෙනව. එය ඉතා සිහින් නාලයක් භාවිතා කර ගැබ් ගෙල හරහා ගර්භාෂය තුලට තැන්පත් කිරීමයි IUI ලෙස හඳුන්වන්නේ. මෙහිදී වේදනාවක් ඇති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශුක්‍රාණු ගර්භාෂය තුල තැන්පත් කිරීමෙන් පසු සුළු වෙලාවක් වැතිර සිටීමට උපදෙස් ලබා දෙනව. ඉන් පසු සායනයෙන් බැහැර යා හැකියි. එවිට විශේෂයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය නැහැ. නිවසට යාමට පොදු ප්‍රවාහන මාද්‍යයක් භාවිතා කිරීම හෝ බයිසිකලයකින් ගමන් කිරීම හානිකර නැහැ.

මෙම ප්‍රතිකාරයෙන් පසු සමහර කාන්තාවන්ට සුළු උදරයේ වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් දිගට පවතින අධික වේදනාවක් හෝ වෙනත් අපහසුතාවයක් ඇති නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි. බොහෝ කාන්තාවන්ට කිසිම ඖෂධ ප්‍රතිකාරයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි පමණක් ඖෂධ ලබා ගන්න.

IUI ප්‍රතිකාරයෙන් සති 3කට පසුව නැවත ඔසප්වීමක් සිදු වුනේ නැති නම් ගර්භණීදැයි දැන ගන්න මුත්‍රා පරීක්ෂා කර බැලීම සුදුසුයි.

   

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)
Visiting Consultant Obstetrician & Gynaecologist at Sugabi Clinic Ragama (0716 921 921), Asiri Central Hospital - Colombo, Ninewells Hospital - Colombo, Nawaloka Hospital Colombo, Hemas Hospital - Wattala, Nawaloka Hospital - Negombo, Leesons Hospital - Ragama, Melsta Hospital - Ragama.

SHARE THIS WITH FRIENDS ON


LATEST POSTS
3D-4K-Laparoscopy
වඩාත් ආරක්ෂිත ලැපරොස්කොපි සැත්කමක් සඳහා 3D ලැපරොස්කොපි තාක්ෂණය.

covid-vaccine-pregnancy
Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

folic-acid-pregnancy
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

vaginal-discharge-pregnancy
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

anovulation
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ecp-failure
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

heavy-menstrual-bleeding
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

hysterectomy-options
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

coronavirus-pregnancy
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

POPULAR POSTS
emergency-contraception
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

fertile-period
දරු පිළිසිඳ ගැනීමට සුදුසුම සරු කාලය

pregnancy-test
ගැබ්ගෙන ඇති දැයි සැකහැර දැන ගන්නේ මෙහෙමයි (Pregnancy test)

iugr
මවු කුස තුල දරුවාගේ වර්ධනය අඩුද? (Intra Uterine Growth Restriction)

total-laparoscopic-hysterectomy
ගර්භාෂය නිසා ඇතිවෙන අධික වේදනාවට, රුධිර වහනයට එක් දිනෙන් සහනය දෙන TLH සැත්කම.

Nutrition
ගර්භණී සමයේ පෝෂණය (Nutrition in pregnancy)

hymen-virginity
කන්‍යා පටලය ගැන ඇත්ත දැන ගන්න

Early-pregnancy-vog
ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )

ivf
දරු සම්පත් පමාවන අයට පිහිට වෙන IVF ප්‍රතිකාර ක්‍රමය ගැන. (In Vitro Fertilization)