ජීවිත කාලය තුල කිසියම් හේතුවක් නිසා සැත්කමට භාජනය වීමට බොහෝ කාන්තාවන්ට සිදුවෙනව. ඒ වගේ අවස්ථාවක ඕනෑම කෙනෙකුගෙ හිතට බියක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි සැත්කමකට බිය වෙන්නේ? ඔබ අසා ඇති සැත්කම් නිසා ඇතිවෙන දරුණු සංකූලතාවයන්. අධික රුධිර වහනය, විෂබීජ ආසාදන වගේම සැත්කමෙන් පසු ඇති වෙන වේදනාවත් මේ අතර වෙනව. මේ වගේ බොහෝ සංකූලතා වලට හේතු වෙන්නෙ උදරය විවෘත කර සිදු කරන විවෘත සැත්කම්. මෙහි දී ශරීරයට සිදු වෙන හානිය වැඩි නිසා නැවත සාමාන්‍ය තත්වයට පැමිණීමට බොහෝ කාලයක් ගත වෙනව. මේ වගේ අවදානම් ඇතිවීම අඩු කර ගන්න ඇති නවීන සැත්කම් ක්‍රමයක් තමයි ලැපරෛාස්කොපි සැත්කම් කියන්නේ.
ලැපරොස්කොපි සැත්කමකදී උදරය මතුපිට ඉතා කුඩා කැපුම් 3ක් හෝ 4ක් සිදු කරන්නේ. මින් විශාලතම කැපුම සෙන්ටි මීටර් 1ක් පමණ වෙන්නේ. ඒ තුලින් කුඩා බටයක් වැනි කැමරාවක් (laparoscope) උදරය තුලට ඇතුඵ කර උදරය තුල රූප රාමු තිරයක් මතට ලබා ගන්නව. ඊට අමතරව ඉතා සියුම් ශල්‍ය උපකරණ උදරය තුලට ඇතුළු කර සැත්කම සිදු කරන්නේ. ඒ නිසා සැත්කම ටිකක් සෙමින් සියුම් ලෙස සිදු කරන්න වෙනව. එමගින් ශරීරයේ වෙනත් කොටස් වලට සිදු විය හැකි හානිය අවම වෙන්නේ මේ නිසායි.
මොනවද මේ ලැපරොස්කොපි සැත්කමකින් ඇති වෙන වාසි?
ඕනෑම සැත්කමකදී මෙන් ලැපරොස්කොපි සැත්කමක දීත් කලාතුරකින් සංකූලතාවන් ඇතිවෙන්න පුළුවන්. ඒ අතර අභ්‍යන්තර ඉන්ද්‍රියකට හානි සිදුවීම, රුධිර වහනය, විවෘත සැත්කමක් අවශ්‍ය වීම වැනි සංකූලතා තිබෙන නමුත් මේ සඳහා ඇති අවදානම විවෘත සැත්කමකදී ඇතිවිය හැකි සංකූලතාවලට සාපේක්ෂව ඉතාමත් අඩුයි.
ලැපරොස්කොපි සැත්කමක් අවශ්‍ය වෙන්නේ කුමන අවස්ථා වලද?නමුත් මෙවැනි සැත්කමක් සඳහා නවීන වෛද්‍ය උපකරණ සහ පුහුණු වෛද්‍ය වරුන් අවශ්‍යයි. බොහෝ රෝහල් වල මේ සඳහා දැන් පහසුකම් තිබෙන නමුත් විවිධ හේතු නිසා තවමත් බොහෝ කාන්තාවන්ට ලැපරොස්කොපි ක්‍රමයට තම සැත්කම සිදු කරවා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ.
ඔබට කිසියම් හේතුවක් මත විවෘත සැත්කමක් අවශ්‍ය යැයි නිර්දේශ කල හොත්, එම සැත්කමම ලැපරොස්කොපි ක්‍රමයට අවම හානියක් වෙන පරිදි සිදු කිරීමේ හැකියාව ඇති දැයි විමසා බලන්න. මේ ගැන ලැපරොස්කොපි සැත්කම් පිළිබඳ විශේෂ පුහුණුවක් ඇති නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවීමෙන් උපදෙස් ලබා ගන්න පුළුවන්.